අප ගැන
ඩීපී එඩියුකේෂන් භාෂා පාසල, ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනමේ සාඩම්බර හඳුන්වාදීමක් ලෙස ඩීපී එඩියුකේෂන් මගින් 2022 වසරේ දී ආරම්භ කරන ලද්දකි.
බහු භාෂා ප්‍රවේශ සහිත මෙම පාඨමාලා, මාර්ගගත අධ්‍යාපනය මගින් දීප්තිමත් අනාගතයක් හැඩගස්වා ගැනීමට කැපවී සිටින සිසුන් වෙත නොමිලේ ඉදිරිපත් කෙරේ.
ඉංග්‍රීසි, ඉතාලි, ජපන්, කොරියානු ඇතුළු භාෂා ගණනාවකින් පාඨමාලා පිරිනමන අපගේ විෂය මාලාව , භාෂා ප්‍රවීණතාව කෙරෙහි අවධානය යොමු කරන අතර ම IELTS, TOPIK, A1, සහ වෙනත් විභාග සඳහා සිසුන්ට උපකාර කිරීම සඳහා වටිනා මාර්ගෝපදේශ ද සපයයි.
අධ්‍යාපනය ගෝලීය අවස්ථා සඳහා දොරටුවක් විය යුතු බව අප විශ්වාස කරන අතර, අපගේ විස්තීරණ ප්‍රවේශය සිසුන් ඉදිරියේ ඇති අභියෝග සහ අවස්ථාවන් සඳහා ඔවුන් හොඳින් සූදානම් වන බවට සහතික කරයි.
ජාත්‍යන්තර විභාගවලින් විශිෂ්ටත්වයට පත් වීමට සහ ගෝලීය අවස්ථා අත්පත් කර ගැනීමට අප හා එක්වන මෙන් අපි ඔබට ආරාධනා කරමු!
අපගේ දැක්ම
දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා මානව හැකිටයාවන් වර්ධනය කිරීමට අපි ජ්යත්යන්තර මට්ටමේ ගුණාත්මක ඩිජිටල් අධ්‍යාපන සේවා සහ සෞඛ්‍ය පහසුකම් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දෙන්නෙමු
අපගේ මෙහෙවර
නොමිලේ මාර්ගගත අධ්‍යාපනය හරහා ඉගෙනීමේ සහ ඉගැන්වීමේ අත්දැකීම් පරිවර්තනය කිරීම සහ අධ්‍යාපන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා කැපවී සිටී.